ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ
කල්ප ගණන පෙරුම් පුරා සොයා ආවේ මා...
කල්ප ගණන පෙරුම් පුරා සොයා ආවේ මා...
වැටෙන වැටෙන හැම කදුලම උරුම මට නිසා
විදිමි මම සදා... උරුම මට නිසා...
විදිමි මම සදා...
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා...
හීන ඇතත් හීන් සැරේ තියා ගත්තේ මා...
රිදෙන රිදෙන හැම මොහොතම මටම හුරු නිසා..
ඉදිමි නෙතු වසා.. මටම හුරු නිසා....
ඉදිමි නෙතු වසා...
ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ
සසර සරණ තුරු ලොවේ...මෙහෙම ඉන්න බෑ
ඔබට දුන්නු ජීවිතේ...නැවත ගන්න බෑ.
Comments
Post a Comment